ආදරී ඩාරියා ගැන අපි මීට කලිනුත් විස්තර කිව්වා. ඇය අපේ රටේ ජීවත්වන යුක්රේන් ජාතික ගායිකාවක්. ඇගේ මියුරු හඬට මේ වෙද්දි අපේ රටේ බොහෝ පිරිසක් වශ...
ආදරී ඩාරියා ගැන අපි මීට කලිනුත් විස්තර කිව්වා.
ඇය අපේ රටේ ජීවත්වන යුක්රේන් ජාතික ගායිකාවක්.
ඇගේ මියුරු හඬට මේ වෙද්දි අපේ රටේ බොහෝ පිරිසක් වශීවෙලා ඉන්නේ.
ඇය හරි අපූරුවට සිංහල ගීත ගායනා කරනවා.
මේ ඇය පසුගියදා කල තවත් අපූරු නිර්මාණයක්.
ඒ් තමයි තම ආදරණීය මව්බිම වුණ යුක්රේනයේ නිදහස් දිනය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කිරීම.
මේක 1968 නිමැවුනු එරට පැරණි ගීතයක්,
තමන් ඉපදිලා හැදී වැඩුනු රටට පිටරටක හිටියත් සුබ පතන්න ඇය අමතක කලේ නෑ.
මේ නිර්මාණයට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය වගේම ඉන්දියාවේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලයේ සහයත් ඇයට ලැබුණා.
මේ ලස්සන ගීතය රූගත කලේ අපේ රටේ සුන්දර සෙම්බුවත්ත ප්‍රදේශයේ.
අහල බලන්න ...
A song of the famous Ukrainian composer, Volodymyr Ivasiuk “Ya Pidu v Daleki Hory” (1968) is performed by a duet of Adari Daria (Ukrainian residing in Sri Lanka and who also sing covers of popular Sinhala songs) and Sri Lankan muscian, Ryo Hera - LKM (Ranga Herath).








